Back to Top

බංග්ලාදේශයට දෙවන ඉනිම සඳහා ලකුණු 191ක ඉලක්කයක්

බංග්ලාදේශයට දෙවන ඉනිම සඳහා ලකුණු 191ක ඉලක්කයක්

March 19, 2017  11:21 am

Bookmark and Share
 


බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 319 කට සීමා කිරීමට බංග්ලාදේශය සමත්විය.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී සිය 4 වන ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට දිල්රුවන් පෙරේරා සමත්විය.

ඔහු ලබාගත් ලකුණු 50 ට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

සිය පළමු ටෙස්ට් අර්ධ ශතකය අභියසට පැමිණ සිටි සුරංග ලක්මාල් 42 යි.

පන්දු යැවීමේදී ශකීබ් අල් හසන් කඩුලු 4 ක් සහ මුශ්ෆිකර් රහීම් කඩුලු 3 ක් බිඳහෙලා ඇත.

මෙම තරඟය ජය ගැනීම සඳහා බංග්ලාදේශය දෙවන ඉනිමේදී ලකුණු 191 ක් ලබාගත යුතු වේ.