Back to Top

ඕර්ලි ගුවන්තොටුපළේ වෙඩි තැබීමකින් 1ක් එලොව යයි

ඕර්ලි ගුවන්තොටුපළේ වෙඩි තැබීමකින් 1ක් එලොව යයි

March 19, 2017  10:31 am

Bookmark and Share


ප්‍රංශයේ පැරිස් නුවර ඕර්ලි ගුවන්තොටුපළේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ පුද්ගලයා විසින් ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට ගිය අවස්ථාවේ දී ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගිය පුද්ගලයා සෙයිඩ් බෙල් බෙල්ගේසම් නමැති අයෙකු බව සඳහන්වේ.

ඔහු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්, මංකොල්ලකෑම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍යව සිටි අයෙකු බව සඳහන්වේ.

එමෙන්ම අදාළ පුද්ගලයා මීට පෙර ඉස්ලාමීය අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ද සිරගතව සිටි අයෙකු වෙයි.

 රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ දැවැන්තයා ලෙස සැලකෙන “චක් බෙරි“ අභාවප්‍රාප්ත වී තිබේ.

 අන්තර්ජාතික සම්ම්න රැසකින් පිදුම් ලැබු ඔහු එම සංගීත රසිකයන්ගේ ආදරයට පාත්‍රා වූ අයෙකු ලෙස සැලකෙයි.

MOST VIEWED VIDEO STORIES