Back to Top

රොක් ඇන්ඩ් රෝල් පුරෝගාමියා අවසන්ගමන් යයි

රොක් ඇන්ඩ් රෝල් පුරෝගාමියා අවසන්ගමන් යයි

March 19, 2017  08:07 am

Bookmark and Share


බටහිර රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ යුග පුරුෂයෙකු ලෙස සැළකෙන ප්‍රවීන ගායන ශිල්පී චක් බෙරී වයස අවුරුදු 90 ක්ව සිටියදී ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේදී අභාවප්‍රාප්ත වී තිබේ.

රෝල් ඕවර් බීතෝවන් සහ ජොනී බී ගුඩ් ඇතුළු රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ විශිෂ්ඨ නිර්මාණ රැසක් බිහි කළ චක් බෙරී සංගීතය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා 1986 වසරේදී සදාතනික සංගීත ශිල්පියෙකු ලෙස නම් කෙරුණි. 

1984 වසරේදී ග්‍රැමී සම්මානයෙන්ද පිදුම් ලැබූ චක් බෙරී ගේ නිර්මාණ පසුව බීට්ල්ස් සහ රෝලින් ස්ටෝන්ස් වැනි සංගීත කණ්ඩායම් විසින් යළි ගායනා කිරීමද විශේෂත්වයකි.