Back to Top

එක්සත් රාජධානියේ පළමු හමුදා සාමාජිකයින් එස්තෝනියාවට පැමිණෙයි

එක්සත් රාජධානියේ පළමු හමුදා සාමාජිකයින් එස්තෝනියාවට පැමිණෙයි

March 18, 2017  05:51 pm

Bookmark and Share


නේටෝ සංවිධානය වෙත යැවෙන එක්සත් රාජධානියේ පළමු හමුදා සාමාජිකයින් පිරිස එස්තෝනියාවට පැමිණ තිබේ.

800න් යුත් හමුදා සෙබලුන් පිරිසක් මෙලෙස පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව සෙසු පිරිස ලබන අප්‍රේල් මාසයට ප්‍රථම පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.

එස්තෝනියා ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ රුසියාවෙන් එල්ල වන ආක්‍රමණ වැලැක්වීම මොවුන්ගේ ප්‍රධාන අරමුණ බවය.

2014 වසරේදී රුසියාව විසින් ක්‍රමියාව අත්පත් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එස්තෝනියාව සහ රුසියාව අතර ගැටුම් ඉහළ ගොස් තිබේ.

MOST VIEWED VIDEO STORIES