Back to Top

සයුරෙන් එතෙර

ට්‍රම්ප් සහ ජර්මන් චාන්සල අතර හමුවක්

ට්‍රම්ප් සහ ජර්මන් චාන්සල අතර හමුවක්

March 18, 2017  03:13 pm

Bookmark and Share


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මන් චාන්සලර් අතර හමුවක් සිදුව තිබේ.
 
ඊයේ(17) ධවල මන්දීරයේදී මෙම හමුව පැවැති  බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙහිදී දෙපාර්ශවය අතර ද්විපාර්ශවික සාකච්ඡා සිදුව තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ ජර්මන් චාන්සලවරිය හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන්වේ.

මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවය අතර ආර්ථික සහ දේශපාලනික කරුණු පිළිබඳව සාකච්ඡා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම සංක්‍රමණිකයින් පිළිබද පවතින ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී ට්‍රම්ප් සහ ඇන්ජලා මර්කල් අතර සාකච්ඡා වී තිබේ.

ද්විපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් දෙදෙනා මාධ්‍ය හමුවක් ද පවත්වා තිබේ.