Back to Top

දිමුත් 5වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

AdaDerana Ad

දිමුත් 5වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

March 18, 2017  02:32 pm

Bookmark and Share



සිය ටෙස්ට් ක්‍රිකට් දිවයේ 5 වන ශතකය ලබාගැනීමට දිමුත් කරුණාරත්න සමත් වී තිබේ.

ඒ බංග්ලාදේශයට එරෙහිව කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයෙ දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය. 

ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ආරම්භක පිතිකරු වු දිමුත් කරුණාරත්න මේවන විට ලකුණු 102 ක් ලබා සිටියි. 

ඊට හතරේ පහර 9 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණි. 

කුසල් මෙන්ඩිස් 36 යි. 

උපුල් තරංග ලකුණු 26 කට දැවීගියේය.

 දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව මේවන විට කඩුලු 8 ක් දැවී ලකුණු 188 ක් ලබා සිටියි.

දිමුත් කරුණාරත්න සමගින් නිරෝෂන් දික්වැල්ලයි පන්දුවට පහරදෙමින් සිටියි.