Back to Top

බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට්  තරඟයේ සිව් වන දිනය අද

AdaDerana Ad

බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරඟයේ සිව් වන දිනය අද

March 18, 2017  01:18 pm

Bookmark and Share


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව් වන දිනය අද (18) යි.

තරඟය දිවා ආහාරය සඳහා නතරකරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් බිද වැටි ලකුණු 137ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 08ක් ඉදිරියෙන් පසුවේ.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිමුත් කරුණාරත්න ලකුණු 67ක් ලබා සිටින අතර කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා සිටියි.

මෙම තරඟයේ ප්‍රථම ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 338ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 467ක් ලබා ගත්තේය.