Back to Top

සයුරෙන් එතෙර

 සෝමාලියානු සරණාගතයින් රැගත් යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයෙන් 42 මරු දකියි

සෝමාලියානු සරණාගතයින් රැගත් යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයෙන් 42 මරු දකියි

March 18, 2017  12:42 pm

Bookmark and Share


සෝමාලියානු සරණාගතයින් පිරිසක් ගමන් කරමින් සිටි යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එහි ගමන් ගත 42කු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සංක්‍රමණිකයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ යේමන මුහුදු සීමාවේදි මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය .

ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කාන්තාවන් හා ළමුන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් එහි ගමන් ගත් තවත් 80 දෙනෙකු දිවි බේරාගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රහාරය කුමන පාර්ශවයක් විසින් එල්ල කරන ලද්දේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසයි.