Back to Top

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාණු ටෙස්ට් තරඟයේ තෙවන දිනය අදයි

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාණු ටෙස්ට් තරඟයේ තෙවන දිනය අදයි

March 18, 2017  11:34 am

Bookmark and Share


නවසීලන්තය සහ සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.

සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම අද(18) දිනයේ දිවා භෝජනය සඳහා තරඟය නතර කරන විට කඩුලු 02ක් දැවී ලකුණු 55ක් ලබාගෙන සිටියේය.

ජීට් රාවල් ලකුණු 21යි.

නීල් බෘම් ලකුණු 20යි.

තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාණුවන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය නවසීලන්ත කණ්ඩායමට ලබාදුන්නේය.

ඔවුන් පළමු ඉනිම සඳහා ලකුණු 268ක් රැස් කළේය.

දකුණු අප්‍රිකාණුවන් සිය පළමු ඉනිමට ලකුණු 359ක් ලබාගත්තේය.

මේ වන විට නවසීලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාණු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 36ක් පිටුපසින් පසුවෙයි.