Back to Top

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 467කට සීමා වෙයි

AdaDerana Ad

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 467කට සීමා වෙයි

March 17, 2017  04:32 pm

Bookmark and Share
සංචාරක බංග්ලාදේශ පිල හා ශ්‍රී ලංකා පිල අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල මීට සුළු මොහොතකට සියලු දෙනා දැවී ලකුණු 467 ක් ලබා ගන්නා ලදී.
මෙහදී බගංලාදේශ පිල වෙනුවෙන් පන්දුවට පහර දීමේ දී ෂකීබ් අල් හසන් 116, මොසැඩෙක් හුසේන් 75, සෞම්යා සර්කාර් 61 හා මුෂ්ෆිකර් රහීම් 52 ක් ලෙසින් ලකුණු වාරතා කළෝය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක රංගන හේරත් ලකුණු 82 කට කඩුළු 4 ක්, ලක්ෂාන් සඳකැන් ලකුණු 140 කට කඩුළු 4 ක් සහ සුරංග ලක්මාල් ලකුණු 90 කට කඩුලු 2 ක් වශයෙන් කඩුළු ලබා ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා පිල මුල් ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 338 ක් ලබා ගත් අතර මේ අනුව බංගලාදේශ පිල ශ්‍රී ලංකාවට වඩා ලකුණු 129 ක් මුල් ඉනිමෙන් ඉදිරියේ සිටී.