Back to Top

සයුරෙන් එතෙර

කිම් ජොන් ඝාතනයේ සැකරුවන් අත්අඩංගුවට ගැනීමට නිවේදනයක්

කිම් ජොන් ඝාතනයේ සැකරුවන් අත්අඩංගුවට ගැනීමට නිවේදනයක්

March 17, 2017  09:07 am

Bookmark and Share
කිම් ජොන් නම් ගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින උතුරු කොරියානුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනිම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රථ නිවේදන නිකුත් කර තිබේ.

මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපලේදී විෂ ප්‍රහාරයකට ලක්ව කිම් ජොන් නම් පසුගියදා ඝාතනයට ලක් වුයේ ය.

උතුරු කොරියානු නායකයාගේ ඥාති සහෝදරයෙකු වූ කිම් ජොන් නම්ගේ ඝාතනය සම්බන්ධයෙන් රටවල් දෙක අතර උණුසුම්කාරි තත්ත්වයක් හටගත් අතර මැලේසියාව පවසන්නේ ඝාතනය උතුරු කොරියානු සැලැස්මක් බවයි.

උතුරු කොරියාව අදාල චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.