Back to Top

Ad

 කොරල්පරය විනාශවීම නැවතිය හැක්කේ ගෝලීය උණුසුම අවම කිරීමෙන් පමණයි

කොරල්පරය විනාශවීම නැවතිය හැක්කේ ගෝලීය උණුසුම අවම කිරීමෙන් පමණයි

March 16, 2017  03:41 pm

Bookmark and Share

ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය විනාශවීම නවතා දැමිය හැක්කේ ගෝලීය උණුසුම අවම කිරීමෙන් පමණක් බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

කොරල්පර විනාශවීම වැලැක්වීමේ ක්‍රමවේදය හා ඒ පිළිබඳව අධ්‍යයනයන් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

 ක්වීන්ස්ලන්ඩ් ජේම්ස් විශ්වවිද්‍යායේ මහාචාර්ය මෝර්ගන් ප්‍රචට් පවසන්නේ දේශගුණික විපර්යාස මගින් මෙම මහා බාධක කොරල්පරය විනාශවීමට මූලික හේතුව වී ඇති බවයි.

මහා බාධක පරයේ පැවැත්ම රඳා පවතින්නේ ඔස්ට්‍රේලියාවේ හා අනෙකුත් රටවල්වල ගෝලීය උණුසුම පාලනය කිරීමට ගන්නා උත්සාහයන් මත බවද ඔහු වැඩිදුරටත් පවසයි.