Back to Top

 පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 338 යි

පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 338 යි

March 16, 2017  12:37 pm

Bookmark and Share



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 338ක් රැස්කළේය.

තරඟය පැවැත්වෙන්නේ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදීය.

අවසානයේ පිටියට පිවිසි සුරංග ලක්මාල් විශේෂ ඉනිමක් දියත් කරමින් වේගවත් ලකුණු 35ක් රැස්කරගත්තේය.

ඒ පන්දු 44න් හතරේ පහර දෙකක් සහ එක් දැවැන්ත හයේ පහරක් සමගිනි.

අද දිනය ආරම්භ කරන විට පන්දුවට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු හතක් බිඳ වැටී ලකුණු 238 ක් රැස් කරගෙන සිටියේය.

සිය අට වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්වීමද විශේෂත්වයකි.

පන්දු 244 කදී රැස්කළ ඔහුගේ ශතකයට හතරේ පහර 06ක් ඇතුළත්.

MOST VIEWED VIDEO STORIES