Back to Top

සයුරෙන් එතෙර

අමෙරිකානු අධිකරණයකින් ට්‍රම්ප්ට යළිත් බාල්දියක්

අමෙරිකානු අධිකරණයකින් ට්‍රම්ප්ට යළිත් බාල්දියක්

March 16, 2017  07:14 am

Bookmark and Share

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබූ සංචාරක තහනම හවායි ෆෙඩරල් අධිකරණයක්  විසින් අත්හිටුවා තිබේ.

ඉකුත් බදාදා දින පස්වරුවේ හවායි දිස්ත්‍රීක් විනිසුරු ඩෙරික් වොට්සන් විසින් මේ සම්බන්ධයෙන් තම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ විධායක නියෝගය මේ අදියරේදී පරාජය කෙරෙන නීතිමය වෙනත් ශක්තිමත් අවස්ථාවක් නොවන බව හා මෙය “සාර්ථකත්වයෙන් ශක්තිමත් ගම්‍යතාවක්“බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් බදාදා පස්වරුවේම නාෂ්විල්ලේ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පවසා ඇත්තේ මෙම නඩු තීන්දුව “එය නරක හා දුක්මුසු ආරංචියක්“ බවයි.

ඩොනලඩ් ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ වහාම රටවල් කිහිපයක පුරවැසියන්ට තම රටට ඇතුළත්වීම තහනම් කරමින් නියෝගයක් පැනවූ අතර මේ මස මූලාරම්භයේදී තවත් රටවල් ගණනාවකට අදාළව එය පුළුල් කරන ලද අතර එම නියෝගය අද සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබිණි.

ඒ අනුව ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව, යෙමනමය ආදී රටවල වැසියන්ට දින 90 ක කාලයක් යනතුරු අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබුණු  අතර සියලුම සරණාගතයින්ට එය දින 120ක කාලයක් දක්වා දීර්ඝ කර තිබිණි.