Back to Top

 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් තරගය අදයි

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් තරගය අදයි

January 12, 2017  10:08 am

Bookmark and Share

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) ආරම්භ වේ.

තරගය අද දකුණු අප්‍රිකාවේ ජොහැන්නර්ස්බර්ග්හිදී ආරම්භවීමට නියමිතය.

තරගාවලියේ තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වන මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වෙයි.

මේ දක්වා පැවති තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර මෙම තරගය ජයග්‍රහණය කිරීම තම අරමුණ බව  ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේය.