
එංගලන්ත පළමු පෙළ කණ්ඩායම ජය ලබයි
January 11, 2017 11:46 am
ඉන්දීය ඒ කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් හිමිකරගැනීමට එංගලන්ත පළමු පෙළ කණ්ඩායම සමත්ව තිබේ.
ඉන්දියාවේ මුම්බායිහි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත පළමු පෙළ කණ්ඩායම පන්දුවට පහරදීමේ වාරය ඉන්දීය ඒ කණ්ඩායමට ලබාදුන්නේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 304ක් රැස් කිරීමට සමත් විය.
ඇම්බර්ටි රායුදු ලකුණු 100යි.
මහින්ද්‍ර සිං දෝණි නොදැවී ලකුණු 68යි.
ශිකර් දවාන් ලකුණු 63යි.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත පළමු පෙළ කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 05කදී කඩුලු 07ක් දැවී ලකුණු 307ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.
සෑම් බිලින්ස් ලකුණු 93යි.
ජේසන් රෝයි ලකුණු 62යි.