Back to Top

ලහිරුගේ සාර්ථකත්වය  අගයයි

ලහිරුගේ සාර්ථකත්වය අගයයි

January 10, 2017  03:49 pm

Bookmark and Share


ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරගේ සාර්ථකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු චම්පක රාමනායක විසින් අගය කිරීමට ලක්කර තිබේ.

ආබාධයන්ට ලක්ව නැවත කණ්ඩායමට එකතු වූ ක්‍රීඩකයින්ට වඩා ජාතික කණ්ඩායමට එක්වීමෙන් පසු පළපුරුදු ක්‍රීඩකයෙකු ලෙස ලහිරු කුමාර ක්‍රීඩා කළ බව පුහුණුකරු පෙන්වා දෙනු ලබයි.

ලහිරු කුමාර ඉලක්කය සහ රිද්මය සහිතව නිව්ලන්ඩ්ස්හි පැවති තරගයේදී පැයට කිලෝමීටර් 145කට පමණ ආසන්න වේගයකින් පන්දු යැවීමේ නිරත වුණු බව චම්පක රාමනායක පැවසීය.

තවමත් 19 හැවිරිදි වියේ පසුවන ලහිරු කුමාර තවත් වසර කිහිපයකදී දක්ෂ පන්දුයවන්නෙකු ලෙස සාර්ථක වනු ඇති බව පුහුණුකරුගේ විශ්වාසයයි.

පසුගිය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනීමේ දී කඩුලු 6ක් ඔහු දවාගත් අතර ඒ අනුව ටෙස්ට් තරගයකදී කඩුලු 5ක් දවාගත් දෙවන ලාබාලතම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට ලහිරු කුමාර පත්විය.

MOST VIEWED VIDEO STORIES