Back to Top

 ටෙස්ට්  පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැන ජෝෂ් හැස්ල්වුඩ්ට

AdaDerana Ad

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැන ජෝෂ් හැස්ල්වුඩ්ට

January 9, 2017  04:21 pm

Bookmark and Share


නවතම අයි.සී.සී. ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවන ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජෝෂ් හැස්ල්වුඩ් සමත්ව තිබේ.

නිමාවූ පාකිස්ථාන ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි  ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රේණිගත කිරීම්හි රවිචන්ද්‍රන් අෂ්වින් පළමු ස්ථානයේත් රවීන්ද්‍ර ජඩේජා දෙවන ස්ථානයේත් රැදී සිටින අතර හැස්ල්වුඩ් තෙවන ස්ථානයට පත්වීම හේතුවෙන් එම ස්ථානයේ රැදී සිටි රංගන හේරත් සිව්වන ස්ථානය දක්වා පහළ බැස ඇත.

මේ අතර ලබන සිකුරාදා දිනයේ ආරම්භ වන ඔස්ට්‍රේලියා පාකිස්ථාන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ජෝෂ් හැස්ල්වුඩ් විවේක ගැන්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.