Back to Top

 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් තරගයට ඩ්වොන් ඔලිවර් කැඳවයි

AdaDerana Ad

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් තරගයට ඩ්වොන් ඔලිවර් කැඳවයි

January 9, 2017  04:18 pm

Bookmark and Share

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු  යවන ක්‍රීඩක ඩ්වොන් ඔලිවර් කැඳවා තිබේ.

කයිල් ඇබට් කණ්ඩායමෙන් ඉවත්වීම හේතුවෙන් එම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරගවලදී ඉහළ දස්කම් දැක්වූවෙකු ලෙසට ඔලිවර් හැදින්වේ.

ශ්‍රී ලංකාව සමඟ පැවැති පළමු තරග 02කට සහභාගී වීමෙන් අනතුරුව ඇබට් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කළ අතර ඔහු හැම්ෂයර් කණ්ඩායමට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12 වනදා ජොහැන්නස්බර්ග් හිදී ආරම්භ වේ.