Back to Top

 පකිස්ථාන සුපර්ලීග් තරගාවලියේ අවසන් තරගය ලාහෝර්හිදී

පකිස්ථාන සුපර්ලීග් තරගාවලියේ අවසන් තරගය ලාහෝර්හිදී

January 9, 2017  11:19 am

Bookmark and Share


පකිස්ථාන සුපර්ලීග් තරගාවලියේ අවසන් මහා තරගය පකිස්ථානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ආරක්ෂක වාතාවරණය හේතුවෙන් ඇතැම් ක්‍රීඩකයින් ඊට අකමැත්ත පළකර ඇති අතර ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව එම මණ්ඩලය පවසා ඇත.

කෙසේ වෙතත් පකිස්ථාන සූපර්ලීග් තරගාවලියේ සෙසු තරග පෙබරවාරි 09 වනදා සිට ආරම්භ කෙරෙන අතර එම තරග ඩුබායි සහ සාජා ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.