Back to Top

  ජය නවසීලන්තයටයි

AdaDerana Ad

ජය නවසීලන්තයටයි

January 8, 2017  12:34 pm

Bookmark and Share


 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තෙවන 20/20 තරගය ලකුණු 27කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(08) සමත් වුණි.

 තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 194ක් ලබාගත්තේය.

එම ඉනිම වෙනුවෙන් කොරේ ඇන්ඩර්සන් නොදැවී ලකුණු 94ක් ලබාගත් අතර කේන් විලියම්සන් ලකුණු 60කට දැවී ගියේය.

ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 167ක් පමණි.