ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව හදිසියේ රැස්වෙයි 
සයුරෙන් එතෙර

ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව හදිසියේ රැස්වෙයි 

April 16, 2024   10:24 am

ඉරානය විසින් සිය රටට එල්ලකළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සඳහා ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය සැලසුම්කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව හදිසියේ රැස්වී තිබුණි.
 
නමුත් එහිදී කුමන ආකාරයේ තීරණයක් ගත්තා ද යන්න සම්බන්ධයෙන් ඊශ්‍රායලය නිවේදනය කර නොතිබුණි.
 
ඉරාන ප්‍රහාර සම්බන්ධන්යෙන් ඊශ්‍රායලයේ මිතුරු රටවල් සිය විරෝධය දක්වා ඇති අතර එහෙත් ඔවුන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගෙන් ඉල්ලා ඇත්තේ ඉවසන ලෙසට යි.
    
පසුගියදා සිරියාවේ පිහිටි ඉරාන් කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානින් ඇතුළු 13 දෙනෙක් මියගිය අතර එම ප්‍රහාරයේ චෝදනාව ඊශ්‍රායලය ට එල්ල විය/

 ඊශ්‍රායලය ට ප්‍රහාර එල්ල්කළේ ඊට ප්‍රතිචාර වශයෙන් බව පවසන ඉරානය ප්‍රශ්නය දැන් සමනය විය යුතු බව පවසයි.

නමුත් ඊශ්‍රායලය ඊට සූදානම් නැති සෙයකි.