තායිවානයෙනුත් ටික්ටොක් විරෝධයක් 
සයුරෙන් එතෙර

තායිවානයෙනුත් ටික්ටොක් විරෝධයක් 

March 23, 2024   05:14 pm

තායිවානයේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් ටික්ටොක් එරට ජාතික ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව තායිවානයේ මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ටික්ටොක් සිය රටට තර්ජනයක් ගෙන දිය හැකි බව එහිදී පෙන්වා දී තිබේ.

තායිවානයේ ප්‍රමිතීන්ට අනුව සෘජුව හෝ වක්‍රව විදේශීය විරුද්ධවාදීන් විසින් පාලනය කිරීමට ලක්විය හැකි ඕනෑම නිෂ්පාදනයක් ජාතික තොරතුරු සහ සන්නිවේදන ආරක්ෂාවට තර්ජනයක් වන බව ඇය පැහැදිලි කර ඇති බවද සඳහන් ය.