චීනයේ බස් අනතුරකින් 14ක් මරුට 
සයුරෙන් එතෙර

චීනයේ බස් අනතුරකින් 14ක් මරුට 

March 21, 2024   01:15 pm

උතුරු චීනයේ Shanxi පළාතේදී බස් රථයක් උමං මාර්ගයකදී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අනතුරින් තුවාල ලබා ඇති සංඛ්‍යාව 37 කි.

උතුරු දෙසට ගමන් කරන අධිවේගී මාර්ගයේ උමගෙහි තාප්පයේ බස් රථය ගැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අනතුරින් බස් රථයේ සිටි පුද්ගලයන් රැසක් උමග තුළ සිරවී සිටි බවද වාර්තා විය.

අනතුරින් මිය ගිය පිරිස අතර බස් රථයේ රියදුරු ද වන බව සඳහන් ය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයින් 51 දෙනෙකු පමණ සිට ඇත.