යුරෝපයට ගිය අපේ අංගම්පොර

යුරෝපයට ගිය අපේ අංගම්පොර

September 10, 2019   04:36 pm

අංගම්පොර සටන් කළාව යුරෝපා රටවලට ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් සුරක්නා හෙළ සටන් සංගමය ඊයේ(09) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගියේය.

අංගම්පොර සටන් කළාව ශ්‍රී ලංකාවට ආවේණික සටන් කළාවක් වූ අතර එය යුරෝපා රටවලට ප්‍රචලිත කිරීමේ අරමුණෙන් සුරක්නා හෙළ සටන් සංගමය මෙම සංචාරයේ නිරත වෙයි.

සති දෙකක් පුරා මොවුන් රටවල් 4ක සංචාරයේ යෙදෙමින් අංගම්පොර සටන් කළාව යුරෝපා රටවල් සඳහා හඳුන්වාදීමේ සම්න්ත්‍රණ පවත්වන අතර ප්‍රදර්ශන තරගය කිහිපයක්ද පැවැත්වීමට නියමිතයි.

නෙදර්ලන්තයේ,බෙල්ජියමේ,ප්‍රංශයේ සහ ඉතාලියේ සංචාරයේ යෙදෙන මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් එක්ව සිටියි.