සයුරෙන් එතෙර

අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ගින්නක්- ළමුන් 5ක් මරුට

August 12, 2019   02:22 pm

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රදේශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් ළමුන් පස් දෙනෙකු මියගොස් තිබේ.

එහිදි තවත් ළමුන් සිව් දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගොස් ඇත්තේ මාස 8ත් අවුරුදු 7ත් අතර වයසේ පසුවු ළමුන් බව සදහන්.

කෙසේවෙතත් අදාළ ගින්න හටගෙන ඇත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.