රග්බි ශූරතා ජය දකුණු අප්‍රිකාවට

රග්බි ශූරතා ජය දකුණු අප්‍රිකාවට

August 12, 2019   11:36 am

නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාව සහභාගි වූ රග්බි ශූරතා තරගාවලියේ ජය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

දකුණු අප්‍රිකා කණ්ඩායම මෙම තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේ වසර 10කට පසුවයි.

තරගාවලියේ තුන්වන වටයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම තරග වැදුනේ ආර්ජන්ටිනා කණ්ඩායම සමඟයි.

තරගයේ පළමු අර්ධය ලකුණු 24ට 13ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

දෙවන අර්ධයේදී තවදුරටත් ආක්‍රමණගීලි තරග රටාවක නිරත වූ දකුණු අප්‍රිකා කණ්ඩායම තවත් ලකුණු 22ක් රැස් කළේය.

ආර්ජන්ටිනාවට දෙවන අර්ධයේදී ලකුණු රැස් කරගැනීමට හැකිවූයේ නැහැ.

ඒ අනුව ලකුණු 46ට 13ක් ලෙස පහසුවෙන් තරගය ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

දකුණු අප්‍රිකාව මෙම තරගාවලියේ පළමු වටයේදී ඕස්ට්‍රේලියාව පරාජයට පත් කළ අතර දෙවන වටයේදී ප්‍රබල නවසීලන්තය සමඟ තරගය ජයපරාජයෙන් තොරව අවසන් කර ගත්තේය.

ඒ අනුව 2019 රග්බි ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් දකුණු අප්‍රිකාව තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සමත්විය.