පෘතුගාලයේ ලැව්ගිනි-9කට තුවාල
සයුරෙන් එතෙර

පෘතුගාලයේ ලැව්ගිනි-9කට තුවාල

July 21, 2019   06:06 pm

නැගෙනහිර පෘතුගාලයේ පැතිර යන ලැව්ගිනි තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා තිබේ.

ගිනි නිවන භටයින් අට දෙනෙකු ද තුවාල ලැබූවන් අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෘතුගාලයට මෙම වසර තුළ බලපෑ දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය වන බව සදහන්.

ඊයේ (21) දිනයේ සිට මෙම ලැව්ගිනි පැතිර යමින් පවතින අතර ඒවා මැඩපැවැත්විම සඳහා ගිනි නිවන භටයින් දහසක පමණ පිරිසක් සහ හෙලිකොප්ටර් යානා 10ක් ද යොදවා ඇති බව වාර්තා වන්නේ.

පවතින තද සුළං තත්ත්වය ලැව්ගිනි සීඝ්‍රයෙන් පැතිරයාමට හේතු වී තිබේ.