පොලීසියට බයේ පලා ගිය අයෙකුට වන අලි ප්‍රහාරයක්

පොලීසියට බයේ පලා ගිය අයෙකුට වන අලි ප්‍රහාරයක්

July 21, 2019   04:28 pm

නාඋල-අඹන්ගඟ රක්ෂිතයේ අනවරයෙන් මැණික් ගැරූ පිරිසක් වැටලීමට ගිය අවස්ථාවේ දී පලාගිය පිරිසෙන් එක් පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇත.

අද (21) නාඋල පොලිසියේ නිලධාරී කණ්ඩායමකට ලද තොරතුරකට අනුව අඹන් ගඟ ප්‍රදේශයේ මොරගහකන්ද ජලාශයේ ජලය බැස ගිය ප්‍රදේශයේ අනවසරෙන් මැණික් ගැරූ පිරිසක් වැටලීමට ගොස් තිබේ.

පොලිසිය පැමිණෙන බව දුටු පිරිසක් පලාගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 47 හැවිරිදි රජාවෙල, කෝන්ගහවෙල ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.