පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 6ක් මරුට-13කට තුවාල
සයුරෙන් එතෙර

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 6ක් මරුට-13කට තුවාල

July 21, 2019   03:20 pm

වයඹ දිග පාකිස්ථානයේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇත.

මියගිය පිරිස අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරයෙන් තුවාල ලැබු පොලිස් නිලධාරින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ද ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.

මරාගෙන මැරෙන බෝම්බකාරියක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති අතර තලෙයිබාන් සංවිධානය එහි වගකීම භාරගෙන ඇති බව වාර්තා වේ.