ශ්‍රී පාද මාර්ගයේ උඩ මළුවට ආසන්නයේ පස් කන්දක් කඩා වැටෙයි

ශ්‍රී පාද මාර්ගයේ උඩ මළුවට ආසන්නයේ පස් කන්දක් කඩා වැටෙයි

July 21, 2019   02:24 pm

හැටන් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ උඩ මළුවට ආසන්නේ මහගිරිදඹ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටි ඇත.

මීටර් 15 ක පමණ භුමි ප්‍රමාණයක් මෙසේ කඩා වැටි ඇති අතර නාය යෑම නිසා ඒම ස්ථානයේ භුමියෙන් එලා ඇති විදුලි රැහැන් වලට හා  හා ජල සැපයුම් නල වලට හානි සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම ස්ථානයේ  පියගැටපෙ අළුත් වැඩියා කිරිමේ කටයුතු වල නාවුක හමුදා බට  පිරිස් නිරත වී සිටිති. 

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට තද වැසි ඇද හැළුන 19 දා රාත්‍රියේ  මෙම පස් කන්දක් කඩා වැටීම සිදු වී ඇත.

මෙහිදි කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත.