ඉම්රාන් ඛාන් අමෙරිකාවට ගියේ ඇයි?
සයුරෙන් එතෙර

ඉම්රාන් ඛාන් අමෙරිකාවට ගියේ ඇයි?

July 21, 2019   02:18 pm

තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අමෙරිකාව වෙත පැමිණ තිබේ.

ඊයේ (20) දිනයේ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අමෙරිකාවේ වොෂිංටන් නුවර වෙත ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සංචාරය තුළ දී ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට එරට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එක්ව සිටින බව වාර්තා වේ.