British Airways කයිරෝ නුවර දක්වා යන ගමන් නවත්වයි
සයුරෙන් එතෙර

British Airways කයිරෝ නුවර දක්වා යන ගමන් නවත්වයි

July 21, 2019   01:28 pm

බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සමාගම ඊජිප්තුවේ කයිරෝ නුවර දක්වා සිදුකරන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගත් බව එම ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත.

කයිරෝ ගුවන්තොටුපලේ පවතින ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සතියක කාලයක් සඳහා සිය ගුවන්ගමන් අත්හිටුවීමට පියවර ගත් බව බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත.

ඊයේ දිනයේදී ජර්මානු ගුවන් සමාගමක් විසින් ද ආරක්ෂක හේතූන් මත කයිරෝ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.