එට්නා යළිත් නැඟිටියි
සයුරෙන් එතෙර

එට්නා යළිත් නැඟිටියි

July 21, 2019   12:55 pm

ඉතාලියේ සිසිලි දූපතේ එට්නා ගිනි කන්දත් සක්‍රීය වී ඇත.

එය වසර කිහිපයකට වරක් මෙලෙස සක්‍රීය වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇත.

සිසිලි දූපතේ කටානියා නගරයේ පිහිටි මෙම ගිනිකන්ද මීටර් 3,330ක උසින් යුක්තයි.

එට්නා ගිනිකන්දෙන් වාර්ෂිකව ඇද හැලෙන ලාවා දියරයෙන් මහල් 108කින් සමන්විත ගගන චුම්බිතයක් පිරවිය හැකි බව සඳහන් වනවා.

ගිනි කන්ද විදාරණය වීම නිසා කිසිඳු ජීවිත හෝ දේපල හානියක් වාර්තා වී නොමැති අතර ඒ අවට ප්‍රදේශවාසීන් විසින් පිපිරීමේ මනස්කාන්ත වීඩියෝ දර්ශන ලබාගෙන තිබුණි.

ගිනිකඳු පිපිරීම නිසා ලාවා ධාරා ගුවනට විහිදෙන ආකාරය ආරක්‍ෂිත ප්‍රදේශ වල සිට රූගත කළේය.

ගිනිකන්දේ දුමාරය කැටරිනා නගරයට තදින් බලපා ඇති අතර අසළ පිහිටි ගුවන් තොටුපලද වසා දමා ඇත.

අයිස් මිශ්‍ර ගිනියම් ගල් කැබලි අහසට විදිමින් මෙහි පිපිරීම් සිදුව ඇති බව සඳහන්.

එට්නා ගිනිකන්ද දැවැන්ත ඉතිහාසයකට ද උරුමකම් කියයි.

එහි ප්‍රථම විදාරණය වීම වාර්තා වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 475 දීය.

මෙම විදාරණය වීමේ ප්‍රතිඵලයක් ලෙසට දහස් ගණනකට දිවි අහිමි වුණි.

1169 දී සිදු වූ තවත් විදාරණය වීමකින් පුද්ගලයන් 15,000 ක් පමණ මිය ගියේය.

මේ අතර අවසන් වරට එහි දැවැන්ත විදාරණයක් සිදුව ඇත්තේ 1992 වර්ෂයේදී බව විදෙස් වාර්තා සඳහන් කළේය.