පේරු රාජ්‍යයේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
සයුරෙන් එතෙර

පේරු රාජ්‍යයේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

July 21, 2019   12:51 pm

ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට පේරු බලධාරීන් පියවර ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින කිහිපයක සිට ගිනිකන්ද සක්‍රීය තත්ත්වයේ පවතින බවයි. 

පේරු රාජ්‍යයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි ගිනි කන්දක් සක්‍රීය වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඒ අවට ජීවත් වූ විශාල පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

මේ අතර ජනාධිපති මාර්ටින් විස්කාරා (MartIn Vizcarra) ගිනිකන්ද පිහිටි මොකෙගුවා (Moquegua0 ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණි.

එහිදී ඔහු ආධාර සම්බන්ධීකාරක කටයුතු සහ ගිනි කන්දෙන් විමෝචනය වන අළු ව්‍යාප්ත වීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළේය.

යුබිනස්, පේරු රාජ්‍යයේ සක්‍රීයත්වයෙන් වැඩිම ගිනි කන්දක් ලෙස සැළකෙයි.

පිපිරීම් සමඟ ගිනිකන්ද සක්‍රීය වී ඇති අතර ඉන් නිකුත් වූ අළු සහිත දුමාරය සැතපුම් 16ක් පමණ දුරකට විහිදී ගිය බව සඳහන්ය.

එරට ජාතික සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අවට ප්‍රදේශවලින් ජනතාව ඉවත් කරන ලෙස නියෝග කළේ ඉන් අනතුරුවයි.

ලිමා අගනුවරට සැතපුම් 745ක පමණ දුරකින් පිහිටි මෙම ගිනිකන්ද සක්‍රීය තත්ත්වයේ පැවතීම හේතුවෙන් ඒ ආශ්‍රිත නගරවලට දෛනික කටයුතු ද අඩාල වී ඇත.

මේ අතර මුහුණු ආවරණ පැළඳීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතාව දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.