චීනයේ ගෑස් කර්මාන්ත ශාලාවක පිපිරීමක්-15ක් ජීවිතක්ෂයට
සයුරෙන් එතෙර

චීනයේ ගෑස් කර්මාන්ත ශාලාවක පිපිරීමක්-15ක් ජීවිතක්ෂයට

July 21, 2019   09:47 am

චීනයේ ගෑස් කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇත.

එහිදී තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම අදාළ පිපිරීමත් සමඟ එම කර්මාන්ත ශාලාව තුළ සිටි පුද්ගලයින් 270 දෙනෙකු පමණ බේරා ගැනීමට ද හැකි වී ඇති බවයි වාර්තා වෙයි.

පිපිරීම හේතුවෙන් අවට නිවාස කිහිපයකට ද හානි සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.