ඩ්‍රෝනයක් විනාශ කළ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කරයි
සයුරෙන් එතෙර

ඩ්‍රෝනයක් විනාශ කළ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කරයි

July 20, 2019   04:32 pm

තම ඩ්‍රෝන ඇමරිකානුවන් විසින් බිම නොදැමූ බවට ඉරානයෙන් වීඩියෝ සාක්ෂි සපයා ඇත.

ඇමරිකානු නෞකාවක් විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරාන ඩ්‍රෝන යාත්‍රාවක් විනාශ වූයේ යයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ම් පසුගියදා ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ හෝර්මුස් සමුද්‍ර සන්ෂියේදී USS Boxer නම් ප්‍රහාරක නෞකාව ආසන්නයට පැමිණි ඩ්‍රෝනයට මෙසේ පහර දුන් බවයි.

කෙසේ වෙතත් අමෙරිකානු නෞකාවක් ඉරාන ඩ්‍රෝනයක් බිම හෙලූ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  කරන ලද ප්‍රකාශය අසත්‍ය බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසයි.

ඔවුන් එසේ ප්‍රකාශ කළේ ඒ සඳහා වීඩියෝ සාක්ෂි ද නිකුත් කරමිනි.

ඉරානයේ Press TV රූපවාහිනිය හරහා විකාශය කෙරුණ වීඩියෝවක් අනුව USS Boxer නම් අදාල නෞකාව හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කරන්නේ ඇමරිකානුවන් සඳහන් කළ වෙලාවට නොවන අතර ඩ්‍රෝනයක් බිම දමන අවස්ථාවක් පෙන්නුම් කරන්නේද නැත.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරාන ඩ්‍රෝනයක් USS Boxer නෞකාව ආසන්නයට පැමිණි අවස්ථාවේ එයට පහර දී බිම දැමූ බවයි.