ඇල්ජීරියාව අප්‍රිකානු පාපන්දු තරගාවලියේ ශූරයන් වෙයි

ඇල්ජීරියාව අප්‍රිකානු පාපන්දු තරගාවලියේ ශූරයන් වෙයි

July 20, 2019   03:28 pm

අප්‍රිකානු පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඇල්ජීරියාව සමත් වුණි.

ඔවුන් මෙම ශූරතාව දිනා ගත් දෙවන අවස්ථාව මෙයයි.

අප්‍රිකානු පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊජිප්තුවේ අගනගර වන කයිරෝ නුවරදි පැවැත්වුණේ සෙනගාලය සහ ඇල්ජීරියාව අතරයි.

අවසන් මහා තරගය නැරඹීම වෙනුවෙන් විශාල පාපන්දු ක්‍රීඩාලෝලීන් පිරිසක් කයිරෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට රැස්ව සිටියේ තරගයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙනි.

තරගය ආරම්භ වී මිනිත්තු දෙකක් ගත වීමත් සමග ඇල්ජීරියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරමට බැග්ඩෑඩ් බෞනේජා සමත්වුණි.

ඉන්පසු තරගය පුරාවට ගෝලයක් වාර්තා කිරීමට කිසිඳු  ක්‍රීඩකයෙක්ට අවස්ථාවක් හිමි වුණේ නැත.

ඒ අනුව ගෝල 1 ට 0 ක් ලෙස සෙනගාලය පරාජය කරමින් දෙවන වරටත් අප්‍රිකානු පාපන්දු ශූරතාව තමන් සතු කර ගැනීමට ඇල්ජීරියාව සමත් වුණි.

මේ අතර ඇල්ජීරියාව ලැබු මෙම ජයග්‍රහණය ක්‍රීඩාලෝලීන් සමරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ ආකරයෙන්.