ශ්‍රී ලංකාවට එරෙහි සටනට බංග්ලාදේශ නායක මෂ්රෆේ මොටාසා එන්නේ නෑ

ශ්‍රී ලංකාවට එරෙහි සටනට බංග්ලාදේශ නායක මෂ්රෆේ මොටාසා එන්නේ නෑ

July 20, 2019   11:13 am

එළඹෙන ශ්‍රී ලංකා සංචාරය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රෆේ මොටාසා සහභාගී නොවන බව වාර්තා වෙයි.

කලවයේ ඇති වු ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී නොවන බව සඳහන්ය.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගාවලියේදී තමිම් ඉක්බාල් විසින් බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවනු ඇති.

මීට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන් ද ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙ සඳහා සහභාගී නොවන අතර ඒ වෙනුවට ෆර්හාඩ් රේසා බංග්ලාදේශ කණ්ඩායම සඳහා ඇතුළත් කර ඇත.

එමෙන්ම ශකිබ් අල් හසන් සහ ලිටන් ඩාස්  පුද්ගලික හේතුන් මත ශ්‍රී ලංකා තරග සංචාරයට සහභාගී නොවන බව වාර්තා වෙයි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් සිව් දෙනෙක් ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.