ඔස්ට්‍රේලියා-එංගලන්ත කාන්තා ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

ඔස්ට්‍රේලියා-එංගලන්ත කාන්තා ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

July 19, 2019   01:33 pm

සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගය දෙවන දිනය අද (19)යි.

කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඊයේ (18) දිනය නිමාවනවිට ඔවුන් කඩුලු 03ක් දැවී ලකුණු 265ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහර දෙන එලිස් පෙරී ලකුණු 84ක් සහ රේචල් හේනස් ලකුණු 54ක් ලබා සිටියි.