ටොම් මූඩිගේ තැන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුට

ටොම් මූඩිගේ තැන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුට

July 19, 2019   09:26 am

අයි.පී.එල් ඉදිරි වසර සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණුකරු ලෙස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන ට්‍රෙවර් බේලිස් නම් කර තිබේ.

මොහු පත් කර ඇත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ටොම් මූඩි වෙනුවටයි.

වසර 44 කට පසු එංගලන්ත කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වන්නේ ට්‍රෙවර් බේලිස්ගේ පුහුණුකාරීත්වය යටතේයි.

මෙවර ඈෂස් ක්‍රිකට් තරගාවලියෙන් පසු බේලිස් එංගලන්ත ප්‍රධාන පුහුණුකාර ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබුණි.

එවන් පසුබිමකදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ට්‍රෙවර් බේලිස් ඉදිරි වසරේ අයී පී එල් තරගාවලිය වෙනුවෙන් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරගන්නා බවයි.

බේලිස් 2012 වසරේ දී කොල්කටා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහුගේ 
පුහුණුකාරීත්වය යටතේ ඔවුන් අයි පී එල් ශූරතාව අවස්ථා දෙකකදී දිනා ගත්තේය.

මීට පෙර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ටොම් මූඩියි.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ හයිද්‍රාබාද් පිල අයි පි එල් ශූරතාව එක් වතාවක් දිනා ගත්තේය.

මේ අතර හයිද්‍රාබාද් පිලේ නව පුහුණුකරු ලෙස පත් වු ට්‍රෙවර් බේලිස් 2007 වසරේ සිට 2011 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.