කරූ රටේ නායකත්වයට වුණත් සුදුසුයි-ජෝන්

කරූ රටේ නායකත්වයට වුණත් සුදුසුයි-ජෝන්

July 11, 2019   05:13 pm

කථානායක කරු ජයසූරිය මහතා ඕනෑම අභියෝයක් සඳහන් මුහුණ දීමට පුලුවන් පුද්ගලයෙකු බැවින් රටේ නායකත්වයට පවා සුදුසු බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අද(11) පෙරවරුවේ සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

හසලක ගාමිණි රණවිරුවාණන්ගේ 28 වෙනි ගුණ සැමරුම් උත්සවය අද කොල්ලුපිටියේ සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් විය.

ඒ කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

කථානායකවරයා කිසිදු බියක් නොමැති මේ රටේ නායකත්වයට පවා සුදුසු අයෙක් බව ද ජෝන් අමරතුංග මහතා මෙහිදී පැවසීය.

මෙහිදී ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ, විවිධ අය මත පල කර ඇති බවත්, ඒ අතර, සජිත් ප්‍රේමදාස, කථානායක වරයා හා අගමැතිවරයාට ද සිටින බවයි.

අනිවාර්යයෙන්ම ජයගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර ඉදිරියේදී ජනතාව තමන්ට රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධනයෙන් බැබලෙන රටක් බවට පත් කිරීමට තමන් සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ රත්මලාන බඩෝවිට  ශ්‍රී ජනනන්දනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය එක්වෙමින්. 

කුඩු විනාශ  කර දැමීම අපේ අරමුණ බව ද පැවසු අමාත්‍යවරයා, තැබෑරුම් සංස්කෘතිය විනාශ කර දැමිය යුතු බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

ඡන්ද අඩු වුවත් එය සිදු කල යුතු බව පැවසු අමාත්‍යවරයා, තමාව යම් කිසි දේකට ඉදිරිපත් වෙන්නයි ඉල්ලා සිටින මොහොතක මෙවැනි අදහස් අසා සිටින විට එ්යට ඉදිරිපත් වෙන්න එපා යනුවෙන් පවසනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

ඉදිරියේ දී පිදිය යුත්තන් පුදන්න කාලයක් ඉදිරියේ දී පැමිණෙන බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා, පුදන ආකාරය කුමක් ද යන්න ජනතාව තීරණය කළ යුතු බව ද පැවසීය.

කවුරුන් තෝරා ගත්තත් කුමන අදහසක් දැරුවත් මේ වසර අවසානය වන විට නිදි මරාගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන පුද්ගලයෙක් ජනතාව තීරණය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.