මන්දපෝෂණය අවම කරන්න මිරිදිය මත්ස්‍යය පැටවුන් 75000ක්

මන්දපෝෂණය අවම කරන්න මිරිදිය මත්ස්‍යය පැටවුන් 75000ක්

July 11, 2019   04:36 pm

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමිව කාසල්රි ජලාශයට මිරිගල් මත්ස්‍යය පැටවුන් හැත්තැ පන්දහසක් අද (11) මුදා හරිනු ලැබුවේය.

ජනාධිපති ලේකම් කාර්යයාලයේ තිරසර සංවර්ධන අංශයේ සහකාර ලේකම් , අධ්‍යක්ෂක ,( ජාතික අහාර නිෂ්පාදන) ප්‍රසාද් සේනාධිර ,නුවරඑලිය අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.එස් සරත්චන්ද්‍ර , අඹගමුව ප්‍රාදේශිය ලේකම් ආර්.ටි.පි සුමනසේකර යන මහතුන්ගේ ප්‍රධානත්වයෙනුයි ජලාශයට මත්ස්‍යය පැටවුන් මුදා හැරිම සිදු කරනු ලැබුවේ.

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල ප්‍රෝටින් මන්දපෝෂණ තත්ත්වය අවම කිරිම , මිරිදිය මත්ස්‍යය අස්වැන්න සුලභ කිරිම සහ පරිභෝජනය ඉහල දැමිම යන අරමුණින් සිදු කරන මෙම ව්‍යපෘතිය සදහා ජනාධිපති ලෙක්ම් කාර්යයාලය මගින් රු මිලියන 16 ප්‍රතිපාදන  ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරි වෙත ලබා දි ඇත.

මෙම ව්‍යාපෘතිය අදිර තුනක් මගින්  මෙම වසර තුල කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට සහ තේ වතු වල පොකුරු ජලාශවල මිරිදිය මත්ස්‍ය පැටවුන් , ඉස්සන් පැටවුන් ලක්ෂ 16 ක් මුදා හැර ඇති බවයි ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් ව්‍යපෘති නිලධාරින් මධුරංග විරාජ් සමරකොන් මහතා කියා සිටියේ.

කාසල්රි  සහ මවුස්සාකැලේ ජලාශවලට මෙන්ම වතු ආශ්‍රිත පොකුණු ජලාශවලට මේ වන විට ජාතික ජල ජිවි වගා සවංර්ධන අධිකාරි මගින් මේ වසරේ ගත වු මාස කිහිපය තුල මිරිදිය මත්ස්‍යය පැටවුන් සහ ඉස්සන් පැටවුන් විශාල සංඛ්‍යාවක් මුදහැර එහි අස්වැන්නද මේ වන විට ජලාශ වල ධිවරයන් විසින් නොලගෙන ඇති බවයි ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යලයේ ව්‍යපෘති නිලධාරි බුද්ධික කුෂාන් මහතා කියා සිටියේ.

කාසල්රි ජලාශයේ ධිවරයන් 62 දෙනෙකු ධිවර කර්මාන්තයේ යෙදි සිටින අතර එම ධිවරයන්ගේ සුබ සාධන කටයුතු ඉහල නැංවිමටද කටයුතු කර ඇත.

මවුස්සාකැලේ ජලාශයේ ධිවර කර්මාන්තයේ නියැලි සිටින ධිවරයන්ගේ නිවාස අලුත්වැඩියා කර ගැනිම සදහා රු පනස්දහස බැගින් වු චෙක් පත්ද  ජලාශ දෙකේම ධිවරයන් වෙනුවෙන් දැල් ආම්පන්නද ලබා දිම මෙම ව්‍යපෘතියට සමගාමිව සිදු කලහ.