නොනවතින වැස්සකින් ජනතාව පීඩාවට
සයුරෙන් එතෙර

නොනවතින වැස්සකින් ජනතාව පීඩාවට

July 11, 2019   04:14 pm

චීනයේ නැගෙනහිර ප්‍රදේශයට අඛණ්ඩව ධාරාණිපාත වැසි ඇදහැලෙමින් පවතියි.

මේ හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වර්ෂාවත් සමඟ ජියැන්ෂි පළාතේ නගර 12ක් පමණ ජලයෙන් යට වී ඇත.

එම නගරවල වෙසෙන පුද්ගලයන් හැටදහසක් පමණ ආරක්ෂිත ස්ථානවලට යැවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඇතැම් ප්‍රදේශවල මීටර් දෙකක් පමණ උසට ජලය පිරී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අපවතින තත්ත්වය හේතුවෙන් තවත් බොහෝ පිරිසක් නිවෙස් වලින් ඉවත් කිරීමට සිදුවනු ඇතැයිද බලධාරීන් පවසආ ඇත.

විපතටපත් ප්‍රදේශවල සහන සේවා කටයුතු වෙනුවෙන් ගිනි නිවීම් සේවකයන් යෙදවීමටත් පියවර ගෙන ඇති බව සඳහන්ය.

එමෙන්ම ගංවතුරට කොටුවී සිටින ජනතාව බේරා ගැනීම සඳහා බෝට්ටු රැසක්ද යොදවා ඇත.

මේ අතර තාවකාලික කඳවුරු වෙසෙන ජනතාවට අවශ්‍ය ආහාර සහ වෛද්‍ය පහසුකම් ලබා දීමටත් චීන රජය මේ වන විට පියවර ගෙන ඇත.