දෙවන අවසන් පුර්ව තරගයේ කාසීයේ වාසිය ඕස්ට්‍රේලියාවට

දෙවන අවසන් පුර්ව තරගයේ කාසීයේ වාසිය ඕස්ට්‍රේලියාවට

July 11, 2019   02:46 pm

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගයේ කාසීයේ වාසිය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර තරගය තව සුළු මොහොතකින් එංගලන්තයේ බර්මින්හැම් හිදී ආරම්බවීමට නියමිතයි. 

මෙරට වේලාවෙන් අද (11) පස්වරු 3.00 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟ අවසන් මහා තරගය  සඳහා  සුදුසුකම් ලබයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 14 වැනිදා ලෝඩ්ස් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.