රෆායල් නඩාල් විම්බල්ඩන් තරගාවලියේ අවසන් පූර්ව තරගයට

රෆායල් නඩාල් විම්බල්ඩන් තරගාවලියේ අවසන් පූර්ව තරගයට

July 11, 2019   11:17 am

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ඊයේ (10) සමත් විය.

අර්ධ අවසන් පූර්ව තරගයේදී රෆායල් නඩාල් තරග වැදුනේ අමෙරිකාවේ සෑම් ක්වේරි සමගයි.

තරගයේ පළමු වටය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය.

එම වටය ලකුණු 7ට 5ක්  ජයගත්තේ රෆායල් නඩාල් විසින්.

දෙවන සහ තුන්වන වටත් පිළිවෙලින් ලකුණු 6ට 2ක් සහ 6ට 2ක් ලෙස ජයගැනීමට නඩාල් සමත් විය.

ඒ අනුව අර්ධ අවසන් පූර්ව තරගය වට 3ට 0ක් ලෙස ජයගත් රෆායල් නඩාල් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

නඩාල් අවසන් පූර්ව තරගයේදී ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමග තරග වැදීමට නියමිතයි.