ඉතිහාසයේ දරුණුතම ගෝත්‍රික ජන සංහාරයක්
සයුරෙන් එතෙර

ඉතිහාසයේ දරුණුතම ගෝත්‍රික ජන සංහාරයක්

July 11, 2019   11:12 am

පැපුවා නිව්ගිනියාවේ හෙල පළාතේදී ගෝත්‍රික ජන සංහාරයක් සිදුවී ඇත.

එහිදී ගැබිණි කාන්තාවන්ද ඇතුළුව පුද්ගලයන් 24දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඉන්දුනීසියාවේ හෙල පළාතේ දින කිහිපයක සිට ගෝත්‍රික කණ්ඩායම් අතර ගැටුම් පැවතියේය.

එම ප්‍රදේශයේම පෙර සිදුවූ ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ගැටුම ආරම්භ වී තිබුණි.

මේ අතරතුරදී සඳුදා උදෑසන පුද්ගලයන් 800ක් පමණ වෙසෙන ගම්මානයක් වට කළ කිසියම් පිරිසක් විසින් ගම්වාසීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබුණි.

ප්‍රහාරවලින් මියගිය පිරිස අතර ගැබිණි කාන්තාවන් දෙදෙනෙක් සහ ළමුන් කිහිපදෙනෙකුද සිටින බව සඳහන්ය.

මියගිය පුද්ගලයන්ගෙන් වැඩිපිරිස කාන්තාවන් බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.

එමෙන්ම මියගිය ගණන තවදුරටත් ඉහළ යා හැකි බවද එම වාර්තාවල සඳහන්ය.

මෑත ඉතිහාසයේදී එරටින් වාර්තා වූ දරුණුම ජන සංහාරය මෙයයි.

වසර ගණනාවක සිට මේ ප්‍රදේශයේ පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම මනුශ්‍ය ඝාතන සිදුව ඇති බවද සඳහන්ය.

මේ අතර එරට අගමැතිවරයා ප්‍රකාශ කළේ මෙම සිදුවීම තම ජීවිතයේ මුහුණ පෑ දුක්බරම අවස්ථාවලින් එකක් බවයි.

එමෙන්ම ඝාතන පිටුපස සිටින සියල්ලන්ටම නිසි දඬුවම් ලබා දෙන බවත් ඔහු අවධාරණය කර ඇත.