අමෙරිකාවට කුණාටුවකින් දැඩි බලපෑම්
සයුරෙන් එතෙර

අමෙරිකාවට කුණාටුවකින් දැඩි බලපෑම්

July 11, 2019   11:10 am

අමෙරිකාවේ නිව් ඕර්ලන්ස් නගරයට කුණාටුවකින් දැඩි බලපෑම් එල්ලවී තිබේ.

මේ සමඟ නගරය මුළුමණින් පාහේ ජලයෙන් යටවී ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශයට මේ සතිඅන්තයේදී  සුළිකුණාටුවක් ඇතුල්වීමේ අවධානමක් පවතින බව එරට කාලගුණ බලධාරීන් පවසයි.

කුණාටු අවධානමත් සමඟ එම ප්‍රාන්තයට අයත් නිව් ඕර්ලන්ස් නගරයේ දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් හටගෙන තිබුණි.

වර්ෂාවත් සමඟ නිව් ඔර්ලන්ස්හි පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

ප්‍රදේශයේ නිවාස, මහාමාර්ග සහ රථවාහන ඇතුළු දේපළ රැසක්ම ජල ගැලීමට හසුව තිබුණි.

මේ හේතුවෙන් නගරයේ ජනතාව දැඩිලෙස පීඩාවට පත්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වර්ෂා ජලය නිසිලෙස බැස නොයාම හේතුවෙන් ඇතිවී තිබෙන මෙම ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව චෝදනා කරන්නේ බලධාරීන්ටයි.

නගරයේ කාණු පද්ධතිය අක්‍රමවත් බවද මේ හේතුවෙන් අධික වැසි සමයන්වලදී තමා බෙහෙවින් පීඩාවට පත්වන බවද ඔවුන් පෙන්වා දෙයි.