විද්‍යාඥවරියකගේ මළ සිරුරක්  බංකරයකින් සොයා ගනී
සයුරෙන් එතෙර

විද්‍යාඥවරියකගේ මළ සිරුරක්  බංකරයකින් සොයා ගනී

July 11, 2019   09:18 am

අමෙරිකානු විද්‍යාඥවරියකගේ මළ සිරුරක් ග්‍රීසීයේ ක්‍රීට්හි දූපතේ යුද බංකරයක් තුළ තිබී සොයාගෙන තිබේ.

මීට සතියකට පමණ පෙර 59 හැවිරිදි අමෙරිකානු විද්‍යාඥවරියක් වන සුසෑන් ඊටන් නැමති  කාන්තාව අතුරුදහන් වූ බවට එරට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශන වලදි ඇයගේ මළසිරුර හමුවී ඇති අතර ශ්වසන අපහසුතාවක් හේතුවෙන් මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම සිදුවීම සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරිමට අමෙරිකානු පොලිසිය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.