අවසන් තරගයට එංගලන්තය ද? ඕස්ට්‍රේලියාව ද?

අවසන් තරගයට එංගලන්තය ද? ඕස්ට්‍රේලියාව ද?

July 11, 2019   09:15 am

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර අද බර්මින්හැම් හිදි පැවැත්වේ.

මෙරට වේලාවෙන් අද (11) පස්වරු 3.00 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟ අවසන් මහා තරගය  සදහා  සුදුසුකම් ලබයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 14 වැනිදා ලෝඩ්ස් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.